හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගණකාධිකාරී වරයා ලෙස යු.එච්.එච්.යු.හේරත් මහතා 2025.10.30 දින වැඩ භාර ගැනීම සිදු කළේය.
මෙම අවස්ථාව සඳහා හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ගණකාධිකාරී වරයා ලෙස කටයුතු කළ පී. එස්. එල්. කුමාරසිංහ මහතා ද සහභාගී විය.
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී ලෙස කටයුතු කළ පී.එස්.එල්.කුමාරසිංහ මහතා 2025.10.30 දින හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයෙන් නික්ම ගියේය.
එතුමාගේ සේවය අගයමින්,ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් උපහාර තිළිණ ලබාදීමට කටයුතු කෙරිණි.
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) ලෙස පී.වී.එස්.එන් මධුෂානි 2025.10.08 දින වැඩ භාර ගැනීම සිදු කළාය.
මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ජී.උදේශිකා කේ.රාජපක්ෂ මහත්මිය සහ හිටපු සහකාර අධ්‍යක්ෂක චානුකා ලියනගේ මහත්මිය සහභාගී වූහ.
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගණකාධිකාරී වරයා ලෙස පී.එස්.එල්.කුමාරසිංහ මහතා 2025.10.08 දින වැඩ භාර ගැනීම සිදු කළේය.
මෙම අවස්ථාව සඳහා හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු වැඩබලන ගණකාධිකාරී වරයා ලෙස කටයුතු කළ ඒ.ජි.එන්.එම්.හේමසිරි මහතා ද සහභාගී විය.
වැඩබලන ගණකාධිකාරී ලෙස මාස 06ක් පමණ කාලයක් කටයුතු කළ ඒ.ජි.එන්.එම්. හේමසිරි මහතා 2025.10.08 දින හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයෙන් නික්ම ගියේය.වැඩබලන ගණකාධිකාරී ලෙස මාස 06ක් පමණ කාලයක් කටයුතු කළ ඒ.ජි.එන්.එම්. හේමසිරි මහතා 2025.10.08 දින හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයෙන් නික්ම ගියේය.
ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය කාර්යාලයේ ගණකාධිකාරී ලෙස කටයුතු කරමින්, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ වැඩබලන ගණකාධිකාරී ලෙස කෙටි කාලයක් තුළ වුවද ඔහු සිදු කළ සුවිශේෂී සේවාව අගයමින්,ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සියලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එදින උපහාර උත්සවයක් පැවැත්විණි.




















