හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය ලෙස ඒ.ජී.එස්.එස්. ප්‍රේමරත්න මෙය 2026.08.17 දින වැඩ භාරගත්තාය. වසර ගණනක් පුරප්පාඩුව තිබූ මෙම තනතුරට වැඩ භාර ගැනීමට පැමිණි එතුමිය, ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලු නිලධාරීන් විසින් උණුසුම්ව පිළිගත් අතර, ඉදිරි රාජකාරි කටයුතු සඳහා සුබ පැතූහ.

හොරොව්පතාන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ, අංක - 124 ගම්මැහේගේවැව, අංක 137 - තවලංහල්මිල්ලෑව, අංක් 148- වෙලංගහඋල්පත යන වසම් වල හිමිකමක් නොමැතිව භුක්තිවිදිනු ලැබූ රජයේ ඉඩම් සදහා බලපත්ර බෙදාදීමේ උත්සවය උතුරුමැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි මහතාගේ ප්රධානත්වයෙන්, ගරු පාර්ලිමේන්තු මන්ත්රී නිමල් පලිහේන මහතා සහ අනෙතුත් ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, ඩබිලිව්.ජි. උදේශිකා කේ.රාජපක්ෂ ප්රාදේශීය ලේකම් තුමියගේ සංවිධානත්වයෙන් 2026.04.08 වන දින හොරොව්පතාන ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදි.

හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාගේ ස්ථාන මාරුවී යාමත් සමග  හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ලෙස සඳරේණු සමරනායක මෙය 2026.01.07 දින වැඩ බාර ගන්නා ලදී.මෙම අවස්ථාවට ඇයගේ ආදරණීය දෙමව්පියන් ද සහබාගී විය.

හොරොව්පොතාන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් දිනය සැමරීම වෙනුවෙන් 27 දින, පොංගල් චාරිත්රවලට මුල් තැන දෙමින් තෛපොංගල් උත්සවය සැමරුණි.

ප්රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වය යටතේ, සංස්කෘතික කටයුතු පිළිබඳ නිලධාරීතුමියගේ සංවිධානයෙන් හා කාර්යාලයේ සියලු නිලධාරීන්ගේ දායකත්වයෙන් මෙම උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළ ජයසිංහ ඉරුගල්බණ්ඩාර මහතා 2026.01.06 දින ස්ථානමාරුවී යාම හේතුවෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු අවසන් කළේය.හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළ ජයසිංහ ඉරුගල්බණ්ඩාර මහතා 2026.01.06 දින ස්ථානමාරුවී යාම හේතුවෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු අවසන් කළේය.පුරා වසර 04 කට ආසන්න කාලයක් සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස විවිධ අවස්ථාවන් යටතේ තම සේවය නොපිරිහෙලා හොරොව්පොතාන කොට්ඨාසය වෙනුවෙන් ඉටු කළේය. මාණ්ඩලික නිලධාරීන්ගේ පුරප්පාඩු පැවති අවස්ථාවලදී පරිපාලන සේවයට නවකයෙකු වුවද, නොසැලී අවශ්‍ය නායකත්වය හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දීම එතුමාගේ සේවා කාලය තුළ කැපී පෙනුණ අතර බොහෝ දෙනාගේ පැසසුමටද ලක් විය.ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් කාර්යාලයේ සියලු නිලධාරීන් එක්ව එතුමාගේ සේවය ඇගයීම සඳහා උපහාර උත්සවයක් පවත්වන ලදී.

News & Events

17
Aug2026
නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික්...

18
May2026
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ,...

« »
Scroll To Top